Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 14:47:22 Hours

65 වන සේනාංකයේ භට පිරිස් විසින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වනු ලබයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මග පෙන්වීම යටතේ යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පී ගේ උපදෙස් මත ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

තවද, 651 වන බලසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය සහ කරියාලනාගපඩ්ඩුවාන් කෝවිල් භූමිය 2019 අගෝස්තු මස 28 සහ 31 වන දින සුද්ධ පවිත්‍ර කරන ලදි.

මේ අතර, 652 වන බලසේනාවට අයත් 20 වන විජයභාහු පාබල රෙජිාම්න්තුවේ භට පිරිස් විසින් ස්කන්දපුරම් පුල්ලෙයාර් කෝවිල් භූමිය 2019 අගෝස්තු මස 31 වන දින සුද්ධ පවිත්‍ර කරන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන් සදහා යුධ හමුදා නිලධාරින් 02ක් සහ යුධ හමුදා භඨ පිරිස් 30 ක්ද, සිවිල් වැසියන් 16 දෙනෙකුද සහභාගී වන ලදී.