Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 14:44:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 87 යටතේ පුහුණුව හදාරනු ලබන කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ගේ පාඨමාලාවේ එක් අදියරක් ලෙස අගෝස්තු මස 27 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි කෙඩෙට් නිලධාරී කණ්ඩායම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් එච් එම් එන් හේරත් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (පුහුණු) විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉතිහාසය මෙන්ම කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදි.

මෙම වැඩසටහන අවසානයේ, සංචාරයේ නියුතු කෙඩෙට් නිලධාරීන් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.