Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 14:38:00 Hours

කිලිනොච්චි සෙබළුන් විසින් සමාජසත්කාර වැඩසටහනක් පවත්වයි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ මග පෙන්විම යටතේ 651, 652 සහ 653 වන බලසේනාවේ බළසේනාධීපති තුමන්ලාගේ අධීක්‍ෂණය යටතේ 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව, 17 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව, 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන ගජබා රෙජිමේන්තුව සහ 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් පාලිනගර් ශාන්ත අන්තෝනිගේ පල්ලිය, අයියන්කුලම් පාසල, තෙරන්කන්දාල් ප්‍රජා මධ්‍යස්ථානය, අක්කරයන්කුලම් පෙර පාසල, මුලන්කාවිල් මාතා පල්ලිය සහ කොනවිල් පල්ලිය සුද්ද පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන් සදහා 7 x 137ක භට පිරිස් ප්‍රමාණයක් සහ සිවිල් වැසියන් 90 දෙනෙකු පමණ සහභාගී වන ලදි.