29th July 2019 14:40:16 Hours
කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ ආරාධනය පරිදි ශ්‍රි ලංකා නීතීඥයින්ගේ සංගමය විසින් ත්‍රිවිධ හමුදාව සදහා පවත්වනු ලැබු නීති ආධාර දේශනයක් කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී 2019 ජුලි මස 13 වන දින පවත්වන ලදී.
ශ්‍රි ලංකා නීතී සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා, මෝටර් රථ ගමනාගමන භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් රෝහණ මහතා සහ තවත් නිතිඥයයින් රුසක් විසින් මෙම වැඩමුලුව මෙහෙය වන ලදී.
මෙම වැඩමුළුව සදහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය. එම අවස්ථාවන්හිදි නිති ආධාර පිළිබදව දේශණය පැවැත්වු අතර, එය නිති ආධාර හමුදාවට බලපාන ආකාරය පිලිබදව, පවුල් ගැටළු සහ එයට අදාල නීතින් සහ එය නිතින් යොදා ගන්නා ආකාරය පිලිබදව මෙම දේශනයේදි සාකච්චා කරන ලදි.
තවද, මේ සදහා සහභාගිවුවන්හට ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටළු පිළිබඳව එම අවස්ථාවේදිම සාකච්චා කර විසදා ගැනිමට අවස්ථාවක් ලැබු අතර, පවුල් සබඳතා සහ සමාජ හැසිරීම් සහ ජීවන රටාවන්හි වැදගත්කම ද ඔවුහු ඉගෙන ගත්හ.
මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දේපාර්තමේන්තුවේ නිලධාරින් 261 ක් සහ සෙසු නිලයින් 398 ක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.