Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th July 2019 12:47:20 Hours

66 වන සේනාංකය සංවිධානයෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නිති පිලිබදව දේශණයක් පවත්වයි

"66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ මඟ පෙන්වීම යටතේ 66 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ රාජකාරි කරන භට පිරිස් සදහා වන සංරක්‍ෂණ නීති දේශනයක් 2019 ජුනි මස 25 වන දින අරසපුරකුලම් පුහුණු පාසලේදී පවත්වන ලදී.

මේ සදහා දිස්ත්‍රික් වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තු නිලධාරි මහේෂ් සේනානායක මහතා, ප්‍රාදේශීය වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තු නිලධාරි ඊ. එස් සේපාල මහතා, ආර්.ඩී.ඒ.එස්. පුෂ්පදාස මහතා සහ වන සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ වන ව්‍යාපෘති නිලධාරි බියුජින් මහත්මිය යන නිලධාරි/නිලධාරිනිය විසින් මෙම දේශනය මෙහයවූ අතර, මේ සදහා 66 වන සේනාංක බල ප්‍රදේශයේ රාජකාරි නියුතු නිලධාරි/සෙසු නිලයින් 130 කට අධික පිරිසක් මේ සදහා සහභාගී වූහ.