Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 18:18:49 Hours

57 වන සේනාංකය සංවිධානයෙන් මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්විම පිලිබදව දේශණයක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවවිතාරණ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මඟ පෙන්වීම යටතේ 572, 573 බලසේනාවේ බළසේනාධිපතින්ගේ අධීක්ෂණය මත 3 ගජබා රෙජිමේන්තුව, 9 විජයභාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංවිධානයෙන් 2019 ජුනි 26 සහ 27 යන දිනයන්හිදි මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්විම පිලිබදව දේශණ රැසක් රජයේ පාසල් සහ යුද්ධ හමුදා කදවුරු තුල පැවැත්වු අතර, මේ සදහා පාසල් සිසුන් 321ක්, ගුරුභවතුන් 21ක්, යුද්ධ හමුදා සාමාජිකයින් 81 ක් සහභාගි වන ලදි.