Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 18:16:13 Hours

11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහයෝගයෙන් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවත්වයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ එ් ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ මගපෙන්විම මත 651 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ සංවිධානයෙන් වේල්ලන්කුලම් ප්‍රථමික රෝහල අවට සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2019 ජුනි මස 26 වන දින භට පිරිස් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 07 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

තවද, ශ්‍රි සේල්වයෝග සිත්ති විනයාගර් කෝවිලේහි භුමියද සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2019 ජුනි මස 27 වන දින භට පිරිස් 16 දෙනෙකු සහ සිවිල් වැසියන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.