Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 17:20:57 Hours

651 බලසේනා මුලස්ථානයේ භට පිරිස් විසින් තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කතෝලික දෙව් මැදුරක් ඉදි කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ එ් ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් ඒ සී එන් වරකාගොඩ පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ සංවිධානයෙන් දින නවයක් ඇතුලත තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කතෝලික දෙව් මැදුරක් සදා නිමකරන ලදි.

තේවන්පිඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කතෝලික දෙව් මැදුරක් 2019 ජුනි මස 28 වන දින 0800 පැයට ෆ්‍රැන්සිස් කතෝලික පල්ලියේ ඩෙනි කැලිස්ටර් විසින් පවත්වන ලද අගමික වතාවත් මධයේ 651 වන බලසේනාවේ බලසේනාධිපති සහ 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ ඒකක අණදෙන නිලධාරින් විසින් විවෘත කරන ලදී.