Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd July 2019 17:18:15 Hours

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම සහ එය වැළැක්වීම පිළිබඳ දේශනයක් කිලිනොච්චියේ පාසල් සිසුන් දැනුවත් කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි වී රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්වීම යටතේ 11 (සෙව්) ගජබා රෙජිමෙන්තුව, 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තු සහ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුවේ සංවිධානයෙන් මත්ද්‍රව්‍යට අබ්බැහිවීම සහ ඒය වැලැක්වීම සැබැදිව දැනුවත් කිරිමේ දේශනයක් 2019 ජුනි මස 28 වන දින අංක 02 කරියාලනගර්පඩ්ඩුවාන් පාසල, කෝනාවිල් පාසල සහ අක්කරායන්කුලම් යන පාසල් හිදි පවත්වන ලදි.

මෙම දේශනය අක්කරයාන්කුලම් පොල්ස් ස්ථානයේ එස්.අයි. කේ. විනෝද් සහ මුලන්කාවිල් පොලිස් ස්ථානයේ සහ පීසී එම්එල්ජේපීකේ සේනාරත්න යන අය විසින් සිදුකල අතර. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ගුරුවරුන් හා සිසුන් 700 කට වැඩි පිරිසක් සහභාගී විය.