Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 13:08:28 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය 10 වන සංවත්සරය සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 2009 වසරේ මැඳ භාග්‍ය තුලදි කිලිනොච්චි ඉරණමඩු ජලාශය අභියසදි සිය රාජකාරි ආරම්භ කරමින් මේවනවිට වසර 10 ක් ගෙවියන මොහොතේ යුධමය තත්වයක් පැවති මෙම ප්‍රදේශයේ අවතැන්වු සිවිල් ජනයාගේ ජන ජිවිතය නගාසිටුවිම සඳහා සෘජුවම මැදිහත්වි කටයුතු කරන අතර, එකල පැවති යුධමය තත්වය නිසා මුළුමනින්ම අඩපණවු සාමාන්‍ය සිවිල් ජිවිතයට අදාල වු මුලික අවශ්‍යවතා මේවනවිටත් ප්‍රදේශයේ වෙසෙන දමිළ ජනතාව වෙත ලබාදිමෙහිලා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි වත්මන් ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි හා අනෙකුත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කටයුතු කරනු ලැබේ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය 10 වන සංවත්සරය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ ප්‍රධාන්වනයෙන් කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථනයෙහි රාජකාරි කරනු ලබන සියළුම නිලධාරින් සහ සෙසු නිලයින් සදහා 2019 ජුනි මස 26 වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් පවත්වන ලදි.

ඒ සදහා සදාතුක ධාතු කරඩුන් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ හා මඩුකන්ද මහා විහාරයේ විහාරාධිපති ප්‍රමුක මහා සංඝයා වහන්සේ උදෙසා සාම්ප්‍රදායිකව විචිත්‍රවත් පෙරහරකින් පිරිත් මණ්ඩපය වෙත වැඩමවාගෙන එන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් පුරාණ සිරිත් විරිත් පෙරදැරි කර ගනිමින් ඒ අනුව දැහැත් වට්ටියක් සංඝයා වහන්සේ වෙත පුජා කරමින් මහා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට ආරාධාන කරන ලදි.

පසු දින මහා සංඝයා වහන්සේ 14 නමක් වෙනුවෙන් හිල් දානය සහ අට පිරිකර පුජා කල අතර, මේ සදහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන් සහභාගි වන ලදි.

මේ අතර, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයට 10 වන සංවත්සරය සපිරිම මුල් කර ගනිමින් 2019 ජුනි මස 27 වන දින ඉරණමඩු කණකම්බිගායි අම්මාන් කෝවිලෙහි හින්දු පුජාවක් පැවැත්විය.

පසු දින උදැසන, 2019 ජුනි මස 28 වන දින සියළුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් ජුම්මා මුස්ලිම් පල්ලියෙහි පුජාවක් පැවැත්වු අතර, එදින සවස ශාන්ත තෙරේසා දෙවස්ථානයේ ද සියළු නිලයින්ගේ සහ ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් දේව මෙහෙයක් පවත්වන ලදි.

එම ආගමික වැඩසටහන් කිරිමේ අරමුණ වුයේ දැනට සේවයේ යෙදි සිටින හමුදා සාමාජිකයින්හට ආශීර්වාද කිරිම සහ මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන් සදහා ආශීර්වාදයක් කිරිම සදහාය.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයට වර්ෂ 10 සපිරිම නිමිත්තෙන් 2019 ජුනි මස 29 වන දින යුද්ධ හමුදා චාරිත්‍රානුකූලව කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 8 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙල පාලියකින් ගෞරවය පිරිනැමුහ.

තවද 10 වන සංවත්සරය සනිටුවහන් කිරිම සදහා ආඥාපති තුමා විසින් සමුහ ඡායාරුපයට පෙනි සිටිම සහ මෙම මුල පරිශ්‍රයේ සුදු හදුන් පැලයක් රෝපනය කල අතර, එතුමන්ගේ සහභාගිත්වයෙන් සියළු නිල තේ පැන් සංග්‍රහය සහ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.