Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:54:52 Hours

සංග්‍රාමික ලුහුබැඳීමේ මෙහෙයුම් පිළිබඳ පුහුණු කුසලතාවයන් වැඩිදියුණු කරයි

විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම්වල සාමාජිකයින් අතර ‘ලුහුබැඳීමේ’ කුසලතා සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් බලඇණිවල අට දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් හතක් සඳහා ‘සටන් ලුහුබැඳීමේ මෙහෙයුම්’ පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා දියත් කරනු ලැබීය.

මෙම පුහුණු වැඩසටහන ජුනි මස 22 දින සිට 25 දින දක්වා අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහනේ උපදේශක ජෙරම් කෙයිල් මහතා, ‘ලුහුබැඳීමේ ක්‍රමවේදයන්’ පිළිබඳ විශේෂඥවරයෙකු මෙන්ම පළපුරුදු උපදේශකයෙක් වන අතර වෙඩිතලතිව් කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලේ ලුහුබැඳීමේ උපදේශකයින් විසිතුන් දෙනෙක් ද මෙම වැඩසටහන සඳහා උපදේශාත්මක සහය මෙන්ම ප්‍රායෝගික මඟපෙන්වීම ලබාදුන්හ.

අනාගතයේදී, මෙම පුහුණු වැඩසටහනින් පුහුණු ලබන සෙබළුන් හට සටන් ලුහුබැඳීම පිළිබඳ ඔවුන්ගේ බලඇණි සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් සහ උපදෙස් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය යුද පුහුණුවේ කොටසක් ලෙස සංග්‍රාමික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයක් වනු ඇත.