Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:40:10 Hours

කිලිනොච්චිය වෙළද සැණකෙලියක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයක් මත 573 වන බලසේනා මුලසථානයේ අධික්‍ෂණයෙන් ප්‍රථම වතාවට කිලිනොච්චියෙහි වෙළද සැණකෙලියක් පවත්වන ලදි. මෙමගින් ව්‍යාපාරික ප්‍රජාව අතර අන්‍යනොන්‍ය සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ සෙබළුන්ගේ සුභසාධනය සඳහා අරමුදල් රැස් කිරීම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන්ට සුභසාධන වැඩසටහන් පැවැත්විම මෙමගින් බලාපොරොත්තු විය. මෙම සැණකෙලිය යුද්ධ හමුදා සුභ සාධක වෙළදසැල ඉරණමඩුහිදි 2019 ජුනි මස 23 වන දින දවස පුරා සිවිල් වැසියන් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ප්‍රධාන ආරාදිත අමුත්තා ලෙස සහභාගිවු අතර, ඔහු පිිළිගනු ලැබුවේ 573 වන බලසේනාවේ බලසේනාධිපති විසිනි.

මෙම වෙලද සැණකෙලි භූමිය තුල රූපලාවණ්‍ය වැඩමුළුවක්,ගෘහ උපකරණ වෙළද සැල්, යතුරු පැදි වෙළද සැල්, ආහාර පාන, අන්තර්ජාල සහ දුරකතන සම්බන්ධතා, සනිපාරක්‍ෂක භාණ්ඩ වෙලද සැල් සහ නර්තන සහිත සංගීත ප්‍රසංගයකින් සමන්විත විය.