Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:20:52 Hours

කිලිනොච්චිය හමුදාව විසින් වෙරළ තිරය සුද්ධ පවිත්‍ර කරයි

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ අධික්‍ෂණය යටතේ 2019 ජුනි මස 20 වන දින තේවන්පිඩ්ඩි වෙරළ තිරය සුද්ධ පවිත්‍ර කරන කරන ලදි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකය විසින් පාලනය වන 651 බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන පාබල හමුදාවේ භට පිරිස්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන පවත්වන ලදි.

මෙම වැඩසටහනට සදහා හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් 50 කට වැඩි පිරිසක් සහභාගී වන ලදි.