Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:17:26 Hours

651 වන බලසේනා මුලස්ථානය විසින් පොසොන් බෝධි පුජාවක් සංවිධානය කරයි.

2019 පොසොන් පොහෝ දිනය සැමරීම නිමිත්තෙන් 651 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 2019 ජුනි මස 17 වන දින 1700 පැයේ සිට 1815 පැය දක්වා බෝධි පුජා වැඩසටහනක් සංවිධානය කරන ලදි. බෝධි පූජා වැඩසටහන මාන්කුලම් පන්සලේහි හිමිපාණන් විසින් මෙහෙයවන ලදි. මෙම අවස්ථාව සදහා 05x110 සහභාගි වු අතර, 19 වන පාබල හමුදාවේ භට පිරිස්, 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, යුද්ධ හමුදා ගොවිපල මුලන්කාවිල් සහ වේල්ලන්කුලම් හි භට පිරිස් සහභාගි වන ලදි.