Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th June 2019 22:18:40 Hours

සිවිල් වැසියන්ගේ රසවින්දනය සදහා සංගිත ප්‍රසංගයක් පැවැත්විම

57 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් ඒ එස් හේවාවිතාරණ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මගපෙන්විම මත 572, 573 වන බලසේනාවේ අධික්‍ෂණය ඇතිව 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්ගේ සහයෝගයෙන් පරන්තන් ප්‍රදේශයේ වෙසෙන මහජනයාහට රසවින්දනයක් ලබා දීම සහ ඔවුන් තුළ වත්මන් ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ විශ්වාසය නැවත ඇති කිරිමේ අරමුණින් සංගිත සන්ධ්‍යාවක් 2019.06.15 වන දින බස් නැවතුම්පොල, පරන්තන් හන්දියෙහිදි පවත්වන ලදි. 1 වන සිංහ රෙජිමේන්තුවේ “ද ග්‍රීන් ජැකට්ස්” විසින් වාදනය කරන ලද සිංහල, දෙමළ සහ හින්දි ගීත වලින් සමන්විත සංගිත සැන්දැව 1900 පැයේ සිට හෝරා 2 ක් රස විඳීමට සිවිල් වැසියන්ට පහසුකම් සැලසුණි. මෙම සංගීත කණ්ඩායම සමඟ ඔවුන්ගේ ප්‍රියතම ගීත ගායනා කිරීමට ද සිවිල් වැසියන් කිහිප දෙනෙකුට අවස්ථාව ලැබුණි. මෙම උත්සවය සාර්ථක කර ගැනීමට පරන්තන් වෙළඳ සංගමය සහයොගය ලබා දි ඇති අතර, කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපති විසින් එම අවස්ථාවට අවශ්‍ය සහාය ලබා දෙන ලදි. මෙම සංගිත සංධ්‍යාව දැක බලා ගැනිම සදහා සිවිල් වැසියන් 600 කට ආසන්න පිරිසක් සහභිගි වන ලදි.