Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 16:18:19 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ‘දේවස්ථානයේ මව්තුමියගේ’ දේහයට අවසන් ගෞරව දක්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි 2019.05.22 වන දින මූරුසමෝඩෙයි නවජිවනම් මෙතෝදිස්ත දේවස්ථානයේ නිර්මාතෘ මෙන්ම සමාජ සේවිකාවක් වන ‘දේවස්ථානයේ මව්තුමිය’ ලෙස ප්‍රසිද්ධ අභාවප්‍රාප්ත ලුයිසා අරුණම්මා තම්බිරාසා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

හිටපු ටී.එන්.ඒ මන්ත්‍රිවරයකු වන තම්බිරාසා කුරුකුලරාසා මහතාගේ මව වන අභාවප්ප්‍රාත ලුයිසා අරුණම්මා තම්බිරාසා මහත්මිය ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවිකාවක් විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි සමඟින් 57 වන සේනංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි, 572 හා 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සිය දේහය තැන්පත් කර තිබු නිවසට පැමිණ ශෝකය ප්‍රකාශ කළහ.