Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 16:10:44 Hours

ජාතික රණවිරු දිනයට සමගාමීව කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධයෙන් විපතටපත්වු සිවිල් වැසියන් හට සෙත් පතයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත ජාතික රණවිරු අණුස්මරණ දිනයට සමඟාමීව යුද්ධයේදී විපතට පත්වුවන් උදෙසා භාරතීපුරම්හි බැප්ටිස්ට් පල්ලියේ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබිණි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස් ඒ එන් ඩි එදිරිසිංහ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි පිඑස්සි විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන 9 වන විජයභාහු පාබල හමුදා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් 2019.05.19 වන දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 571 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිළධාරීන් 11 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 51 දෙනෙකුන් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 162 දෙනෙකුන් ද සහභාගී වුහ.