Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

29th May 2019 16:01:00 Hours

ජාතික රණවිරු දිනයට සමගාමීව කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ යුද්ධයෙන් විපතටපත්වු සිවිල් වැසියන් හට සෙත් පතයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත ජාතික රණවිරු අණුස්මරණ දිනයට සමඟාමීව යුද්ධයේදී විපතට පත්වුවන් උදෙසා කුරක්කන්කඩ්ඩු පුල්ලෙයාර් කෝවිලේදි ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනු ලැබිණි. 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එ් එස් හේවවිතාරන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි ගේ මඟපෙන්වීම මත 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පි යුඑස්පි විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් 2019.05.18 වන දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 573 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකුන් මෙන්ම එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 70 දෙනෙකුන් ද සහභාගී වුහ.