Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th April 2019 09:06:06 Hours

සිංහල හින්දු අලුත් අවුුරුද්ද තේමා කරගනිමින් අම්මාන් කෝවිලේහි පුජාවක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්වි මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් පරිදි 652 බලසේනා මුලස්ථානය යටතේ ඇති 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙබලුන්ගේ සහභාගිත්වයෙන් අක්කරායන්කුලම් අම්මාන් කෝවිලේහි පුජාවක් පවත්වන ලදි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද තේමා කරගනිමින් අක්කරායන්කුලම් අම්මාන් කෝවිලේහි පුජාවක් සහ පැමිණිසිටි සිවිල් වැසියන් වෙත කිරි බත් සහ තේ ලබා දුන් අතර, මේ සදහා 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙබලුන් 05x30 ප්‍රමාණයක් සහ සිවිල් වැසියන් 250 ක් සහභාගිවන ලදි.