Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th April 2019 10:11:49 Hours

කණකම්බිගායි අම්මාන් කෝවිලේ වාරෂික කෝවිල් පූජෝත්සවයට කිලිනොච්චි ආරක්‍ෂක සේනා භට පිරිස් විසින් මහගු සේවාවක් ලබාදෙයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී කණකම්බිගායි අම්මාන් හින්දු කෝවිලේ වරෂික කෝවිල් පූජාව 2019 අප්‍රේල් මස 19 වන දින පවත්වන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මෙහෙයවීම යටතේ මෙම පූජෝත්සවයට සහභාගීවූ හින්දු බැතිමතුන් සදහා සිසිල් පැන් පානයක් ලබාදුන් අතර, මෙම ආගමික උත්සවයේදී යුධ හමුදාව විසින් දක්වන ලද දායකත්වය එම අවස්ථාවට සහභාගීවූ හින්දු පූජකයින් සහ බැතිමතුන් විසින් යුධ හමුදාව වෙත ප්‍රසංශාව පුද කරන ලදී.