Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th April 2019 10:02:55 Hours

57 වන සේනාංකය සංවිධානයෙන් පවත්වනු ලැබු සිංහල හා හින්දු අළුත් අවුරුදු බක්මහ උළෙල

2019 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 57 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල සිවපුරම් මහජන ක්‍රිඩාංගනයේදි 2019.04.17 වන දින අති උත්කරෂවත් අන්දමින් පවත්වන ලදි.

මෙම බක්මහ උළලේ අවුරදු චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් අවුරුදු ක්‍රිඩා රාශියකින් සමන්විත බක්මහ උළෙලේ අංගයන් ලෙස ගම හරහා දිවීම, කොට්ටා පොර තරගය, කනාමුට්ටිය බිදිම, කඹ ඇදිම, බිත්තර ඇල්ලිම, බනිස් කෑම, පොල් අතු විවිම, ග්‍රීස් ගස නැගීම, සංගීත පුටු තරගය, අලියට ඇස තැබීම, සහ අවුරුදු කුමරා/කුමරිය තේරිම වැනි ගැමි ක්‍රිඩා රාශියකින් සමන්විත වේ.

65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවු අතර, බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහ 57 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු භඨපිරිස් හා සහ සිවිල් වැසියන් මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදි.