Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th April 2019 16:07:43 Hours

ටි. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරගාවලියේ ජයක්ග්‍රහි කණිඩායමට රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උදාර සංකල්පයකට අනුව සංවිධානය කල ටි. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරගාවලියක් 2019 මාරතු මස 29 වන දින සිට අප්‍රේල් මස 06 වන දින දක්වා කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රිඩාංගනයේදි පැවැත්වු අතර, එම තරගාවලියේ ජයක්ග්‍රහි කණ්ඩායම වෙත රාත්‍රි භෝජන සංග්‍රහයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී 2019 අප්‍රේල් මස 11 වන දින සංවිධානය කරන ලදි.

මෙම තරගාවලිය සදහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 45න් 34ක්ම සහභාගිවු අතර, 2019 අප්‍රේල් මස 06 වන දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රිඩාංගනයේදි පැවැත්වු අවසන් මහ තරගාවලියදී දැඩි තරගකාරිත්වයකින් පසු උදයතාරකි ක්‍රිඩා සමාජය ශුරයින් බවට පත්විය. ඔවුන්ගේ දක්‍ෂතාවය අගයකරමින් මෙම රාත්‍රි භෝජන සංග්‍රහය ආරක්‍ෂක සේන මූලස්ථනයෙහි ලේක් විව් කබානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සපැමිණි අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුම සහ 571 වන බලසේනාවේ බලසේනාධිපති කරනල් නජිව එදිරිසිංහ සහ ජේෂ්ඨ නිලධාරි/නිලධාරින් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.