Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2019 13:35:25 Hours

ඉරණමඩු ජලාශයට මිරිදිය මසුන් මුදාහැරීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත 57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධික්‍ෂණය යටතේ 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරිමේ වැඩසටහනක් 2019 අප්‍රේල් මස 11 වන දින ආරම්භ කරන ලදි.

පසු ගිය දිනවල පැවති අධික වර්ශාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජලය පිටාර ගැලිමෙන් ජලාශයේ සිටි මත්සයින් විශාල වශයෙන් අඩුවි ඇති බැවින් ඉරණමඩු ධීවර සමිතිය විසින් කිලිනොච්චි යුධ හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව 57 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මිරිදිය මසුන් 100000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහාරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එහි පලමු අධියර ලෙස එම ආයතනයේ සභාපති එස්එම්එම්පි සමරකෝන් මහතාගේ සහයෝගයෙන් 2019 අප්‍රේල් මස 11 වන දින ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50000ක් මුදාහැරිම සිදු කල අතර එහි දෙවන අධියර වශයෙන් මෙම මස 20 වන දින තවත් මිරිදිය මසුන් 50000ක් මුදාහැරිමට නියමිතව ඇත.