Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th March 2019 19:40:17 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා සනිපාරක්‍ෂණ භාණ්ඩ සහ පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැලෆ් නුගේරාගේ මගපෙන්විම මත 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධික්‍ෂණයෙන් රාමනාදපුරම්හි ඉරණමඩු නැගෙනහිර ධිවර සමිතියට අයත් පවුල් 75 දෙනෙකු සදහා සනිපාරක්‍ෂණ භාණ්ඩ සහ පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2019 මාරතු මස 21 වන දින පවත්වන ලදි.

573 වන බලසේනා මුලස්ථානය සහ 15 වන සිංහ රෙජිමේන්තුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන පැවැත්වු අතර, 57 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව කොමරෂල් බැංකුව කිලිනොච්චි ශාඛාව විසින් අනුග්‍රහය දැක්විමට ඉදිරිපත් වන ලදි.මෙම අවස්ථාවේදි පාසල් පොත්, ඇද ඇතිරිලි සහ කොට්ට වැනි භාණ්ඩ ඔවුන් වෙත ලබා දෙන ලදි.