Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th March 2019 15:09:38 Hours

ඉන්දියානු මහ කොමසාරිස් කාරයාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි සංචාරය කිරිම.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් රවි ෂේකර් මිෂ්රා 2019 මාර්තු මස 15 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් චන්න වීරසූරිය විසින් සහකාර ආරක්‍ෂක උපදේශකවරයා පිලිගනු ලැබු අතර, දෙදෙනා අතර සුහද සාකච්ජාවක නිරත විය.

අවසානයේදි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකවරයා වෙත සමරු තිලිණයක් පිරිනැමු අතර, සහකාර ආරක්‍ෂක උපදේශකවරයා සිය සංචාරය සිහිවිම පිණිස සමරු පොතේහි සටහනක් තබන ලදි.