Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th March 2019 18:19:06 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හොදම සංගීත කණ්ඩායම සහ හොදම ගායකයා තේරිම 2019

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ යෝජනාවකට අනුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ හොදම සංගීත කණ්ඩායම සහ හොදම ගායකයා තේරිමේ වැඩසටහනේ අවසාන වටය 2019 මාරතු මස 06 වන දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබු අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගී විය.

මෙම තරගාවලිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණයෙන් 651 බළසේනාව විසින් පලමු අදියරේදී 2018 ඔක්තෝබර් 22 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා මුලන්කාවිල් බළඇණි පුහුණු පාසලේදි පැවැත්වු අතර, මේ සදහා ප්‍රවීණ සංගීතාඥයකු ලෙස පිලිගත් ප්‍රදීප් බෝගහවත්ත මහතා තරඟකරුවන් පුහුණු කිරිම සදහා ඔහුගේ සහය ලබා දුන්නේය. දෙවන අදියරේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණයෙන් සහ 651 වන බළසේනාවේ සංවිධානයෙන් අවසන් මහා තරඟය 2019 මාරතු මස 05 සහ 06 වන දින වලදී පැවැත්විණි.

1 වන ගජබා රෙජිමේන්තුව විසින් අදිරිද්ම තරගයේ පළමු ස්ථානය දිනා ගත් අතර, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කැලිප්සෝ තරගයේ පළමු ස්ථානය දිනා ගත්තේය. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ප්‍රදේශයේ හොදම ගායකයා ලෙස ප්‍රථම ස්ථානය සෙ/465673 කෝප්‍රල් ඉන්දුක ටීඑස් දිනාගත්තේය. 10 ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ සෙ/ඩී101295 සාසෙ ජනප්‍රිය කේඑම්එම් සහ සෙ/329912 ලාන්ස් කෝප්‍රල් දිසානායක ටීඒඑච්එම් 21 ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ සෙබලුන් විසින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තේය. ප්‍රවීණ සංගීතාඥ ප්‍රදීප් බෝගහවත්ත,කපිතාන් ආර් රුවන්පුර සහ පීඕබීබීටී පෙරේරා යන මහත්වරුන් විනිසුරු මඩුල්ල සදහා සහභාගි වන ලදී.