Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th March 2019 21:37:16 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ඇන්තුරියම් වගා කිරිම පිලිබද වැඩමුලුවක් පවත්වනු ලබයි

කිලිනොච්චියේ දුෂ්කර ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ ඇන්තුරියම් වගාව පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මග පෙන්වීම යටතේ සහ එතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, 574 වන බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන 2019 මාරතු මස 03 වන දින කිලිනොච්චිය නෙලුම්පියස ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.

කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය ලෙස ඇන්තුරියම් වගාව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වු අතර, මේ සදහා අයිටීඑන් ආයතනය, ලේක්හවුස් ආයතනය, තාරුණි එක්සත් බල ශක්ති සමගම සහ සීමාසහිත මරීනා ෆුඩ්ස් යන සමාගම් අනුග්‍රහය ලබා දුන් අතර, පහත සදහන් මාතෘකා යටතේ මෙම වැඩමුළුව පවත්වන ලදි.

i ඇන්තූරියම් වගාව පිළිබඳ හැඳින්වීම.

ii ඇන්තූරියම් වගාව සඳහා නව තාක්‍ෂණික ක්‍රමවේද යොදා ගැනිම.

iii අඩු පොලී අනුපාත යටතේ ණය හඳුන්වා දීම.

iv ඇන්තූරියම් ශාක ව්‍යප්ත කර ගැනීම සදහා නිවැරදි ක්‍රමවේද හදුන්වා දීම.

v එස්ඩිබි බැංකුව විසින් වියාපෘති ණය හඳුන්වා දීම.

මෙම එක්දින වැඩසටහන සදහා සවුන්ඩ් ඔෆ් ඇන්තුරියම් ආයතනයේ සභාපති යමිකා ගුණවර්ධන, අයිටිඑන් නිෂ්පාදක සුනිල් පේමරත්න මහතා, කිලිනොච්චි මහ බැංකු ශාඛාවේ කාර්තිකා නිරෝචනා, එස්ඩිබි බැංකුවේ එඩ්වින් සුරේෂ් මහතා, ගෝල්ඩි ඇඩ්වටයිසින් ආයතනයේ මාලක නුවන් මහතා, තරුණි පුවත්පතේ කත්‍රෘ මෙනෝලි සුබසිංහ මහත්මිය, එ්ටිවි ක්‍රියේෂණ් ආයතනයේ නිරෝෂනී පේමරත්න මහත්මිය සහ කිලිනොච්චි සිවිල් වැසියන් 400 දෙනෙකු සහ සෙබළුන් 100 දෙනෙකු පමණ මෙම අවසථාවට සහභාගි වන ලදි.