Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th March 2019 21:12:09 Hours

මි මැසි පාලනය පිළිබද වැඩමුළුවක් පැවැත්විම

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මග මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ, කිලිනොච්චි ජනතාවගේ ආරථික මට්ටම නගාසිටිවිම පිණිස මීමැසි පාලනය පිළිබඳ එක් දින වැඩමුළුවක් 2019 මාර්තු මස 04 වන දින පහසුකම් කේන්ද්‍රස්ථානයේ පැවත්වන ලදි.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි තිස්ස බණ්ඩාර තබවිට මහතා සහ තුෂාර මහින්ද විජේසිංහ මහතා ඇතුළු බිගු සම්පත් සූරකිමු සංගමයේ නිලධාරීන් විසින් මෙම වැඩමුළුව පැවැත්වූ අතර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා විසින් එය සම්බන්ධීකරණය කරන ලදී. ස්වයං රැකියාවක් ලෙස මීමැසි පාලනය කිරීම පිණිස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර, මි මැසි පෙට්ටි 43ක් සහභාගී වූවන් අතර බෙදා දුන් අතර, මි මැසි පෙට්ටි 4 ක් සේනාංකයේ බළසේනා මූලස්ථාන 04 අතර බෙදාදෙන ලදී. කිළිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 23 දෙනෙකු සහ බළසේනා/ බළඇණිවල සෙබළුන් 20 දෙනෙකු මෙම වැඩසටහන සදහා සහභාගී වන ලදි.