Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

09th March 2019 21:10:26 Hours

57 වන සේනාංකයේ 12 වන සංවත්සරය සැමරිම

57 වන සේනාංකයේ සිය 12 වන සංවත්සරය 2019 පෙබරවාරි මස 15 වන දින සිට 2019 මාර්තු මස 02 වන දින දක්වා වැඩසටහන් මාලාවක් සමඟ සැමරු අතර, පෙබරවාරි මස 15 වන දින ශාන්ත තෙරේසාගේ දේවස්ථානයේ පැවති දේව පුජාවෙන් මෙම සංවත්සරය ආරම්භ කර ඇත. තවද පෙබරවාරි මස 20 වන දින කන්දසාමි කෝවිලේදි පුජාවක්ද, පෙබරවාරි මස 22 වන දින කිලිනොච්චිය සාලම් ජුම්මා මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් පුජාවක්ද සමගින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. මෙම උත්සවයේ එක් අංගයක් ලෙස පෙබරවාරි මස 28 වන දින බලප්‍රදේශයේ සියලුම නිලයින්ගේ රසස්වාදය සදහා සංගීත ප්‍රසංගයක් පවත්වන ලදි.

2019 මාර්තු මස 01 වන දින 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වෙතින් සම්මාන මුරයක් සහ ආචාර පෙලපාලියක් පවත්වන ලද අතර, එදින භට පිරිස් ඇමතිමක් සහ සියලු නිලයින් සදහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති ඇතුළු සියළුම නිලධාරීන් සහ සෙනීන්ගේ සහභාගීත්වයෙන් සමුහ ඡායාරූයක් සඳහා පෙනී සිටියේය.

තවද උතුරු සහ නැගෙනහිර පළාත්වල භික්ෂූන් වහන්සේලා 12 නමක් සහ මඩුකන්ද ශ්‍රි දළදා විහාරයේ විහාරාධිපති මුවත්තගම ආනන්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ජයනයක් පැවැත්වු අතර, පසුදා උදෑසන දානමය පිංකමක් ලබා දෙන ලදී. මෙම අවස්ථාව සදහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන් සහ සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.