Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th February 2019 16:43:18 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් සව්‍යංජාත පැල සහ බිජ බෙදා දිමේ වැඩසටහනක් පැවැත්විම.

කිලිනොච්චියේ දුෂ්කර ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා 57 වන සේනාංක බලප්‍රදේශයෙන් තෝරාගත් ගොවීන් 64 දෙනෙකු සදහා ස්ව්‍යංජාත පැල සහ බීජ බෙදා දිමේ වැඩසටහනක් 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, එක් ගොවියෙකු සදහා පැල දෙක බැගින් බෙදාදිම 2019 පෙබරවාරි මස 18 වන දින කිලිනොච්චිය පහසුකම් මධ්‍යස්ථානයේදි පවත්වන ලදි.

වර්තමානයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම ගොවීන් සඳහා ස්ව්‍යංජාත වී වගාව හඳුන්වාදීමට 57 වන සේනාංකය කටයුතු කරන අතර, මෙහිදි මෙම පැල පිළිබඳව, රෝපණය කරන ආකාරය සහ ව්‍යාප්ත වන ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ දෙශණයක් ගොවින්හට ලබා දෙන ලදි. තවද මෙම වගාව සදහා කෘෂි රසායනික ද්‍රවය සහ පොහොර කිසිවක් නොමැතිව අවුරුද්ද පුරාවට බිජ ලබා ගැනිමේ හැකියාවක් ඇත.

මෙම අවස්ථාව සදහා 571 සහ 572 වන බළසේනාවේ බළසේනාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවන ලදි.