Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th February 2019 16:37:27 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් ධාවන පරවි තරගයක් ආරම්භ කිරිම.

කොළඹ ධාවන පරවි සංගමයේ සහයෝගය ඇතිව 57 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද පරෙවි ධාවන තරඟයක් 2019 පෙබරවාරි 17 වන දින කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩා පිටියේදී පවත්වන ලදි.

කොළඹ ධාවන පරවි සංගමයේ නියෝජ්ය සභාපතිවරයා සහ එහි සාමාජිකයින් විසින් සිදු කරන ලද ආරාධනය මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම ධාවන පරවි තරගය ආරම්භකරණ ලදි.

එදින උදැසන නිදහස් කරන ලද පරවියන් 241කින් 214 දෙනෙකු කිලෝමිටර් 280කට අධික ගුවන් දුරින් තරගකරුවන්ගේ නිවෙස් වෙත පියාසර කර ඇත.

57 වන සේනාංකයට අයත් බලප්‍රදේශයේ ගම්මානවල වෙසෙන රැකියා විරහිත තරුණ තරුණියන් අතර මෙම ක්‍රිඩාව ප්‍රචලිත කිරිමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදි.