Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th February 2019 12:45:12 Hours

57 වන සේනාංකයේ සංවිධානයෙන් ගංවතුරින් පිඩාවට පත් පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක්.

මණුසත් දෙරණ මාධ්‍ය ආයතනයේ අනුග්‍රහයෙන් 57 වන සේනාංකයේ අධික්‍ෂණයෙන් යුතුව ගංවතුරින් පිඩාවට පත් පාසල් ළමුන් සදහා අත්‍යවශය පාසල් උපකරණ කට්ටල 55ක් බෙදාදිමේ උත්සවයක් 2019 පෙබරවාරි මස 15 වන දින කිලි/තම්පිරාස විද්‍යාලයේදි පවත්වන ලදි.

මෙම උත්සවය විදුහල්පති ඇතුළුව කාරය මණ්ඩලය සහ දෙමාපියන්ගෙ සහභාගිත්වයේ පැවැත්වු අතර, 572 සහ 573 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සංවිධානය කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 573 වන බලසේනාවේ බළසේනාධිපති කරනල් ජනක රණසිංහ සහභාගිවු අතර, 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරින් සහභාගි වන ලදි.