Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd February 2019 11:42:23 Hours

ගංවතුරින් අවතැන්වු කිලිනොච්චියේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දිම.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාගරික සංර්වධන අමාත්‍යංශයේ හා ඩයලොග් ඇක්සියාට පීඑල්සී සහයෝගීත්වයෙන් සංවිධානය කරන ලද සෙනෙහෙ සියපත වැඩසටහනේ තෙවන අදියර ලෙස පාසල් සිසු සිසුවියන් සඳහා පාසැල් බැග් සහ ලිපිද්‍රවය 2019 ජනවාරි මස 30,31 සහ පෙබරවාරි මස 01 වන යන දිනයන්හිදි ලබාදෙන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 15ක ගංවතුරින් විපතටපත්වූ සිසුන් 3934 දෙනෙකු සදහා ආධාර ලබා දුන් අතර, පාසැල් ගුරුවරුන් සහ පාසල් සිසුන් එම ආයතන සහ යුද්ධ හමුදව වෙත ගෞරවනිය ස්තුතිය පුද කරන ලදි.