Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th January 2019 16:52:37 Hours

ගංවතුරින් අවතැන්වු කිලිනොච්චියේ පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදා දිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ඩයලොග් ඇක්සිආටා පීඑල්සීහි සහයෝගිතාවය හා මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස පාසල් සිසු සිසුවියන් සඳහා පාසැල් බැග් සහ ලිපිද්‍රවය 2019 ජනවාරි මස 21.22.23.24 සහ 25 යන දිනයන්හිදි ලබාදෙන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 27ක ගංවතුරින් විපතටපත්වූ සිසුන් 4483 දෙනෙකු සදහා ආධාර ලබා දුන් අතර, පාසැල් ගුරුවරුන් සහ පාසල් සිසුන් ඩයලොග් ඇක්සිආටා පීඑල්සී සමාගමට සහ යුද්ධ හමුදාව වෙත ගෞරවනිය ස්තුතිය පුද කරන ලදි.