Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th January 2019 15:05:18 Hours

කිලි/ ඥානිමඩම් රජයේ දමිල මිශ්‍ර පාසල් ළමයින් සඳහා පාසල් උපකරණ ලබා දීම

661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත ජයවර්ධන සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි අරමුණවුයේ පාසල් දරුවන් හා ගම්වැසියන් අතර ප්‍රතිසංස්ථාපනය ඇති කිරිමයි.

මෙම වැඩසටහන 2019 ජනවාරි මස 22 වන දින කිලි/ඥානමඩම් විද්‍යාලයේදී 661 වන බලසේනාවේ බළසේනාධිපති විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු සහභාගී විය.