Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th January 2019 15:03:55 Hours

කිලිනොච්චි හමුදා භට පිරිස් විසින් සමාජසත්කාර වැඩසටහන් සිදු කිරිම

කිළිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ අධීක්ෂණයෙන් 652 වන බලසේනාධිපතිගේ මග පෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් 2019.01.21 වන දින සමාජසත්කාර වැඩසටහන් පවත්වන ලදි.

මෙම සමාජසත්කාර වැඩසටහන සදහා 652 වන බළසේනාව යටතේ ඇති 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් හාරිදාස පෙර පාසල් භුමිය සුද්ද පවිත්‍ර කරන ලද අතර, මේ සදහා හමුදා භට පිරිස් 15 දෙනෙකු සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.