Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th January 2019 15:01:10 Hours

පුනරින් හමුදා භට පිරිස් වෙතින් දිලිදු පවුලක් සදහා නිවසක් ලබා දිම

නික්ම ගිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සම්බන්ධීකරණයෙන් "තලගල ශ්‍රි සිද්ධාර්ථ පදනමේ" ශ්‍රි සුමනරතන නාහිමියන්ගේ මූල්‍ය ආධාරයෙන් මෙම නිවස ඉදිකර ඇති අතර, 662 වන බළසේනාංකය විසින් මෙම දිලිදු පවුල ගැන සොයාබැලිමෙන් පසු 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්ගේ ශ්‍රමදායකත්වය ඇතිව මෙම නිවස ඉදිකරන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වයන් උසස් කිරීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර විසින් මෙම නිවසේ හිමිකරිත්වය සුබ්බ්‍රමනියම් රාජිනී මහත්මිය වෙත ලබා දුන් අතර, මෙම අවස්ථාව සදහා 661 වන බලසේනාවේ බළසේනාධිපති, 1 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ භට පිරිස් සහභාගි විය.