Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2019 22:40:33 Hours

ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය ආඥාපති නව ධුරයේ රාජකාරි භාර ගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ඩි කේ ජි ඩි සිරිසේන 2019.01.14 වන දින නිළ වශයෙන් රාජකාරි භාරගන්නා ලදි.

නව ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.

ආඥාපතිතුමන් කාර්යාල පරිශ්‍රයේදි ආගමික වතාවත් මධ්‍යයේ ලිපි ලේඛණ වලට අත්සන් තබමින් සිය කාර්යාලයේදි නිළ වශයෙන් නව ධුරයේ රාජකාරි භාරගත් අතර, එම ධුරයේ රාජකාරි ආරම්භ කිරිම සනිටුවහන් කිරිම සඳහා කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කිරිමෙන් පසුව, සියළු නිලයන් අමතා තේ පැන් සංග්‍රහයටද එකතු විය.

එම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චිය යටතේ රාජකාරි නියුතු ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිලධාරින් සහ සෙසු නිළයන් සහභාගිවන ලදි.