Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th January 2019 09:09:59 Hours

කිලිනොච්චිය හමුදා භට පිරිස්ගේ සහයෝගය ඇතිව ගංවතුරෙන් අවතැන්වූ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත 57, 66 වන සේනාංකයේ සේනාංකාධිපතින්ගේ අධීක්‍ෂණයෙන් පසු ගිය දිනයන්හිදි ඇතිවු හදිසි ගංවතුරින් අවතැන් වු පාසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2019.01.16 සහ 17 වන දිනයන් තුලදි ලබා දෙන ලදි.

ඒ අනුව, නෙත් එෆ්එම් ගුවන්විදුලි ආයතනයේ අනුග්‍රාහකත්වය මත 57 වන සේනාංක බළප්‍රදේශයට අයත් මු/සන්මුගරට්නම් විද්‍යාලය සහ කිලි/කලවෙට්ටීතිඩල් නාගේශ්වරා විද්‍යාලය සහ 66 වන සේනාංක බළප්‍රදේශයට අයත් කිලි/කරුක්කාතිව් මහ විද්‍යාලය, කිලි/පරන්තන් හින්දු මහ විද්‍යාලය, කිලි/කිරංචි රජයේ දමිල මිශ්‍ර විද්‍යාලය, කිලි/වලෛයිපාඩු රෝමාණු කතෝලික විද්‍යාලය, කිලි/වේරවිල් හින්දු විද්‍යාලයේ සිසුන් 533 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදාදෙන ලදි.