Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th January 2019 09:07:23 Hours

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා භට පිරිස‍ ‘තෛයිපොංගල්’සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය විසින් පාලනය වන 651, 652, 653 වන බලසේනා මුලස්ථානයන්වල යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ‘තෛයිපොංගල්’ උත්සවයට සමගාමිව ආගමික වැඩසටහන් මාලාවක් 2019.01.15 වන දින පවත්වන ලදි.

මේ සදහා 651 වන බළසේනාව යටතේ රාජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව සහ 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආගමික වතාවත්වල යෙදිමෙන් අනතුරුව, කැවිලි අහාර පාර්සල් 150ක් මුලන්කාවිල් පුල්ලේයාර් කොවිල් පරිශ්‍රෙය්දි පැමිණි සිටි බැතිමතුන් සදහා ලබා දෙන ලදි.

652 වන බළසේනාව යටතේ රාජකාරි නියුතු 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හා 7 වන ජාතික ආරක්‍ෂක බලමුලුවේ භට පිරිස් විසින් ආරෝග්‍යපුරම් අම්මාන් කොවිලේදි ආගමික වතාවත්වල යෙදිමෙන් පසු පැමිණිසිටි බැතිමතුන් සදහා සිසිල් බිම සහ බිස්කට් ලබා දි ඇත.

තවද 653 වන බළසේනාව යටතේ ඇති 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව සහ 21 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වෙතින් තුනුක්කායි ප්‍රදේශයේ ජිවත් වන අඩු ආදායම්ලාභි පවුල් 25ක් සදහා වියලි අහාර මලු බෙදා දුන් අතර, මෙම අවස්ථාව සදහා අණදෙන නිලධාරින්/ නිලධාරින් සහ සේසු නිලයින් විශාල සංඛ්‍යාවක් සහභාගි විය.