Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th January 2019 22:35:43 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යාම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකල බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක සිය ධුරයෙන් 2019.01.13 වන දින නික්ම යන අතර, 12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදු කිරිමට නියමිතව ඇත.

නික්ම යන සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව 24 වන විජයභාහු පාබල ඒකකයේ භඨපිරි විසින් කඳවුරු සම්මාන මුරය සහ සම්මාන ආචාර පෙළපාලිය 66 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයේදි පිරිනමන ලදි.

මෙහිදි සේනාංකාධිපති විසින් භඨපිරිස් ඇමතිමෙන් පසු සියළු නිළයින් සමග තේපැන් සංග්‍රහයටද සහභාගිවි රාත්‍රි නිළධාරි නිවස්නයේදි භෝජන සංග්‍රයක්ද පවත්වන අතර මෙම අවස්ථාවේදි සේනාංකාධිපතිගේ සේවය ඇයිමක් වශයෙන් සේනාංකාධිපති වෙත සමමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි.

එම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු බළසේනාධිපති වරුන්, මාණ්ඩළික නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින් සහ අනෙකුත් නිළධාරින් සහභාගිවන ලදි.