Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th January 2019 22:33:39 Hours

කිලිනොච්චිය ගංවතුරින් විපතට පත් පසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදිම

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් නෙතලියාරු ප්‍රාථමික විද්‍යාලයේ සහ කනේයිනගර් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණු ලබන පාසල් සිසුන් 197 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෞද්ධ සංවිධාන දෙකක අනුග්‍රහය මත බ්‍රහස්පතින්දා (10) දින සිදුකරන ලදී.

මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ සහ ‘ශ්‍රද්ධා’ රූපවාහිනී නාලිකාවේ අනුග්‍රහකත්වය ඇතිව මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය පවත්වනු ලැබීය.

572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

මීට අමතරව, කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ධර්මපුරම්, නෙතලියාරු සහ මයිල්වානපුරම් ගම්මානයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 107 ක් වෙත වියළි සලාක මලු තොගයක් සෙනසුරාදා (12) දින 57 වන සේනාංකයේ මූලිකත්වයෙන් සිදුකරන පශ්චාත් අපදා සහන වැඩසටහන යටතේ බෙදාදෙන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.

පැපිලියාන සුනේත්රා මහා දේවී පිරිවෙනේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන පීඨයේ පූජ්‍ය ආචාර්යතුමන් වන මැදගොඩ අබේයතිස්ස නායක ස්වමින් වහන්සේගේ අනුග්‍රහකත්වය ඇතිව සහන අවශ්‍යතා සපයනු ලැබීය.

එමෙන්ම, 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහකත්වය ඇතිව පරන්තන් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 100 ක් සඳහා වියළි සලාක මලු තොගයක් සිකුරාදා (11) දින පන්නන්කන්ඩි විද්‍යාලයේ දී බෙදාදෙන ලදී.