Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th January 2019 08:33:59 Hours

කිලිනොච්චි හමුදා භට පිරිස් විසින් සමාජසත්කාර වැඩසටහන් සිදු කිරිම.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ අධීක්‍ෂණයෙන් 652 වන බලසේනාධිපති සහ 653 වන බලසේනාධිපතිගේ මග පෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් 2019.01.07 වන දින සහ 10 වන දින සමාජසත්කාර වැඩසටහන් පවත්වන ලදි.

මෙම සමාජසත්කාර වැඩසටහන සදහා 652 වන බළසේනාව යටතේ ඇති 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් මේතෝදිස්ට් දේවස්ථානය සහ අක්කරායන්කුලම් පාසල් භුමිය සුද්ද පවිත්‍ර කල අතර, 653 වන බළසේනාව යටතේ ඇති 21 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අයියන්කන්කුලම් පාසල් භුමිය අවට සුද්ද පවිත්‍ර කරන ලදි. මෙම අවස්ථාව සදහා යුද හමුදාවේ සහ සිවිල් වැසියන් 70 දෙනෙකු පමණ සහභාගි විය.