Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th January 2019 13:36:33 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චිය විසින් අත්පන්දු තරඟාවලියක් සහ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය විසින් සංවිධානය කර තිබු අත්පන්දු තරඟාවලිය සහ ක්‍රිකට් තරඟාවලිය 2018 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්විමට කටයුතු කල අතර, අයහපත් කාලගුණික තත්වය නිසා 2019.01.09 වන දින පවත්වන ලදි.

65 වන සේනාංකාධීපතිගේ අධික්‍ෂණය යටතේ 653 බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්විමෙන් 21 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කර ඇති මෙම ක්‍රිකට් තරගාවලිය 21 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තු කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදි.

57 වන සේනාංකාධිපතිගේ අධීක්‍ෂණයෙන් 574 බලසේනාවේ බළසේනාධිපතිගේ මග පෙන්වීම යටතේ 3 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලිය 1 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම් අතර තියුණු සටනකින් අනතුරුව 3 වන ගජබා රෙජිමේන්තුව ශූරතාව දිනා ගත් අතර, යුද හමුදාව හා සිවිල් වැසියන් අතර සාමය හා සමගිය ගොඩනැගීම සඳහා කි/ මාන්කුලම් මහ විද්‍යාලය ක්‍රිඩා සමාජය සහ කරන්චි ක්‍රිඩා සමාජයේ සිවිල් කණ්ඩායම් දෙකක් මෙම අවස්ථාවේදි තරග වැදුනු අතර ඒ අතරින් කරන්චි ක්‍රිඩා සමාජය ශූරතාව දිනාගනා ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම වොලිබෝල් තරගාවලියේ ප්‍රධාන ආරාධිතා වූ අතර, 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. මේ සදහා බලසේනාධිපතිවරුන‍්, අණදෙන නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ පාසල් සිසුන් සහභාගි විය.