Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st January 2019 20:39:07 Hours

මනුසත් දෙරණ’ ව්‍යාපෘතිය සමඟ එක්ව යුද්ධ හමුදාව කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහනාධාර බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගයෙන් කන්දවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උරියන් සහ මුරුසමෝටෙයි ග්‍රාම සේවා බලප්‍රදේශයේ උරියන් බටහිර, පරනමෝඩෙයි, උප්පාරු, පුලිනාගතෙවන් කණ්දල්, මංගායන් මුරිප්පු, පුතුක්කුලම් සහ පලෙයි කෝරකාන්කන්ඩු ගම්මානයන්හි ගංවතුරෙන් අවතැන් වූ පවුල් 100 ක් සඳහා රුපියල් 3000/= ක වටිනාකමින් යුතු වියළි සලාක මලු තොගයක් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ‘මනුෂත් දෙරණේ සහයෝගය ඇතිව ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා 2018.12.27 වන දින අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දුන්හ.

මෙම වියළි සලාක මලු සහල්, සීනි, පරිප්පු, ටින් මාළු, නූඩ්ල්ස්, තේ පැකට්, බිස්කට් පැකට්, සබන්, දත් බුරුසු ඇතුළු තවත් අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු විය. ඒ අනුව උරියාන් මුරුගානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී මෙම අත්‍යාවශය ද්‍රව්‍ය බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත පැවැති සහනාධාර බෙදාදීමේ වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මේ සදහා සහභාගි වූහ.