Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st January 2019 20:31:44 Hours

කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් අවතැන්වූ දමිළ සිවිල් වැසියන් වෙත සහන මළු බෙදාදිම

කිලිනොච්චියේ භට පිරිස් විසින් ගංවතුරෙන් හානියට පත්වූ ප්‍රදේශවල දමිල වැසියන්ට සහන මළු බෙදාදිමෙ මෙහෙයුම් ආරම්භ කර ඇත..

එ අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත රජයේ බලධාරීන් සහ අනෙකුත් ආයතන සමඟ එක්ව සහයෝගයෙන් සහන මළු බෙදාදිමේ කටයුතු වල නිරතවෙමින් පවති

තවද කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිරියගේ උපදෙස් පරිදි යාපනය සන්ෂයින් ෆුඩ්ස් සමාගම සමග එක්ව අවතැන්වු පවුල් 800 ක් සදහා සහල්, සීනි, පරිප්පු, ටින් මාළු, නූඩ්ල්ස්, බිස්කට් පැකට්, තේ, සමපෝෂ වැනි භාණ්ඩ 2018 දෙසැම්බර් 28 වන දින රත්නපුරම්, බරතිපුරම්, පොන්නගර්, ඉන්දුපුරම්, උරියියා සහ කෝරක්කන්කඩ්ඩු යන ප්‍රදේශවල සිවිල් වැසියන් වෙත මෙම භාණ්ඩ බෙදා දෙන ලදි..