Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

01st January 2019 20:20:28 Hours

කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇදහැලුන අධික වර්ෂාවන් පහත් බිම් රැසක් ජලයෙන් යටවිම හේතුවෙන් පීඩාවට පත් ජනතාව යුධ හමුදාව මැදිහත්වි මුදවාගන්නා ලදි

2018.12.22 වන දින පැවති අධික වර්ෂාව හේතුවෙන් ඩ්‍රයිආරු පිටාර ගැලු අතර,කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශය සභාවට අයත් කේඑන් 22 රත්නපුරම් (දකුණ) සහ ආනන්දපුරම් ග්‍රාමසේවා වසම් වලට අයත් පවුල් 88ක සාමාජිකයින් 375ක ප්‍රමාණයක් ගංවතුරන් පිඩාවට පත්ව ඇති බැවින් පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් හට 57වන සේනාංකයේ සේනාංකා‍ධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් පරිදි 571 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 7 බළඇණිය ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨපිරිස් සහ 9 වන විජයබාහු පාබල හමුදා රෙජිමේන්තුවේ භඨ පිරිස්ද 573 බළසේනාවේ 1 වන ශ්‍රිලංකා සිංහරෙජිමේන්තු බළප්‍රදේශයට අයත් ශිවපුරම්හි පවුල් 13ක සාමාජිකයින් 52ක් සහ 15වන ශ්‍රිලංකා සිංහරෙජිමේන්තු බළප්‍රදේශයට අයත් රාමනාදන් පුරම්,මුරුසුමොටෙයි, පණ්නන්කන්ඩි පවුල් 69ක සාමාජිකයින් 215ක් නාවික හමුදාවේ සහය ඇතිව පීඩඩාවට පත් ජනතාව යුධ හමුදාව විසින් මුදවා ගන්නා ලදි.

තවද 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් 1x25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඕලුමඩු වැවේ කැඩිගිය වැව් බැම්ම වැලිකොට්ට ගසා පිලිසකර කිරිම සහ පුදුමෙච්චින්දි කුලම් වැවේ බැම්ම වැලිකොට්ට ගසා පිලිසකර කිරිම සඳහා 1x15 භඨපිරිස් ප්‍රමාණයක් යොදවා පිලිසකර කරන ලදි.

මෙම අපදා තත්වවය හේතුවෙන් අවතැන්වු පවුල් 200ක සාමාජිකයින් 340 දෙනෙකු කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ රදවා ඇති අතර, අනෙකුත් ජනතාව තම ඥාතින්ගේ නිවෙස් වෙත පිටත්ව යන ලදි. අවතැන් කඳවුරේ රදවා ඇති ජනතාව සඳහා දවල් පිසු ආහාර පාර්සල් සහ ජනතාවට අවශ්‍ය පානිය ජලය සහ වෛද්‍ය පහසුකම් ලබාදිමට කටයුතු සිදුකරන ලදි.