Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st December 2018 16:43:17 Hours

65 වන සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සරය සැමරිම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ මගපෙන්විම හා උපදෙස්වලට අනුව එම සේනාංකයේ 10 වන සංවත්සරය වෙනුවෙන් උත්සව මාලාවක් නිලධාරි ඇතුළු සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් 2018 දෙසැම්බර් මස 15 වන දින 65 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලදි.

2018.12.15 දින වන්නි මානුෂික මෙහෙයුමේදි 5 වන කාර්ය සාධක බළකාය ලෙස තුණුක්කායි ප්‍රදේශයේ ස්ථානගතව තිබුන අතර, පසුව 2009.09.15 වන දින 65 වන සේනාංකය ලෙස වෙනස් කරන ලදි.

65 වන සේනාංකය තුණුකායි ආලංකුලම් ප්‍රදේශයේ ස්ථාන ගත කර ඇති අතර 651, 652, 653 යන බළසේනාවන් එම සේනාංකය යටතේ ස්ථාපිත කර ඇත. ගත වු වසර 10 කාලය තුල ප්‍රදේශයේ ආරක්‍ෂව තහවුරු කරමින් ජනතාවගේ ජන ජිවිතය නගා සිටුවිමට සුවිශේෂි මෙහෙවරක් ඉටුකිරිම, පාසල් දරුවන්ගේ අධ්‍යපන කටයුතු සදහා පාසල් උපකරණ ලබා දිම, පාසල් ගොඩනැගිලි ප්‍රථිසංස්කරනය කිරිම, ප්‍රදේශයේ ජනතාවට කෘෂි උපකරණ භාණ්ඩ බෙදාදිම වැනි සමාජ සත්කාර වැඩසටහන් රැසක් සිදුකර ඇත.

10 වන සංවත්සරය නිමිත්තෙන් සේනාංකාධිපතිතුමන් හට කදවුරු සමිමාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පවත්වන ලද අතර, සේනාංකාධිපති විසින් 10 වන සංවත්සරය සනිටුහන් කිරිම සඳහා රුක් රෝපණයක් සිදුකර සියලුම නිළධාරි/සෙසුනිළයින් සමඟ තේ පැන් සංග්‍රහයක් පවත්වා පසු දින රාත්‍රියේ සංගිත ප්‍රසංගයක්ද පවත්වන ලදි. මේ සදහා 651, 652, 653 බළසේනාවල රාජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින් සහභාගි වන ලදි.

මෙම සංවත්සරයේදි දිවිපිදු රණවිරුවන් සිහිකරමින් පිංකම් මාලාවක්ද යුද්ධයේදි රණක්ශිතයට පත් සියළු රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් මෙම සැමරුමේද ගෞරවයෙන් සහ අභිමානයේන් යුතුව සිහිපත් කරන ලදි.