Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th November 2018 11:25:34 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත අවතැන් වූවන් මුදාගැනීම පිළිබඳ සංස්කාරණ පාඨමාලාවක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සම්බන්ධීකරණයෙන් 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහගේ අධික්‍ෂණය යටතේ අවතැන් වුවන් මුදාගැනීම පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදිමේ පාඨමාලාවක් තොන්ඩමන්නගර් යුද හමුදා කඳවුරේ සහ කිළිනොච්චි ඉරණමඩු ජලාශය අසල දී 2018 නොවැම්බර් මස 12 වන දින සිට නොවැම්බර් මස 21 වන දින දක්වා පවත්වනු ලැබීය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, වෛද්‍ය බලකාය සහ විශේෂ බලකායේ මෙන්ම නාවික හමුදා සහ ගුවන් හමුදාවේ උපදේශකයින් විසින් පාඨමාලාව කර ඇති අතර, පාඨමාලාව සදහා නිලධාරින් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 54 දෙනෙකු සහභාගිවන ලදි.