Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

28th November 2018 11:23:27 Hours

කිලිනොච්චියේ පදිංචි සිංහල පවුලක් වෙත හමුදාවෙන් නිවසක්

දැරණියගල කිරිහේන ගම්මානයේ පදිංචිකාරියක වන හේමලතා මහත්මිය ඇයගේ සැමියාද එම ගම්මානයේ පදිංචි අයකි. මෙම දිරිය මව දරුවන් සිව්දෙනෙකුගේ මවක් වන අතර, ඇය කිලිනොච්ච්ය ප්‍රදේශය වෙත පැමිණ යුධ සමය ඉතා දරුණු මටිටමකපවතින කාලයේ පවා මෙම අංක 11 ක්‍රිෂ්ණපුරමි ග්‍රාමසේවා වසමේ පොල්අතු පැලක තම ස්වාමිපුර්ෂයා සමග ඉතා කටුක ජිවිකාවක් ගත කර තිබේ.1979 වසරේ ඔවුන් ක්‍රිෂ්ණපුරමි ගම්මානයේ නිවසක පදිංචිව සිටි අතර ඔවුන්ගේ දරුවන් ඇයගේ දෙමවුපියන්ගේ රැකවරණය මත නවතා කිලිනොච්චියේ පදිංචියට ගොස් ඇත.

පැවති යුධමය තත්වය හේතුවෙන් 1996 වසරේ සිට අවුරුදු හතරක් පුරාවට අනාථ කඳවුරක ජීවත්ව ඇති ඇය දමිළ මිනිසුන් සමග ඉතා සමීපව ජාති බේදයකින් තොරව ජීවත්ව තිබේ. එවකට පැවති රජය හාLTTE සංවිධානය අතර සාම ගිවිසුම ඇති කාලයේ ඔවුනට රජයේ පාලන ප්‍රදේශ වලට පැමිණිමට කොටි සංවිධානයෙන් අවසර නොලැබීම නිසා කිලිනොච්චි නගරයේ එළවළු වෙලදාම් කර ඔවුන්ගේ ජීවිකාව ගෙනගොස් තිබේ. පැවති යුධමය තත්වය නිසා ක්‍රිෂ්ණපුරම් සිට වඩ්ඩකච්චි ප්‍රදේශයට යන ඇය 2009 වර්ෂයේ යුධ හමුදාව විසින් කිලිනොච්චි මුදා ගැනිමත් සමගම නැවතත් අංක 11 ක්‍රිෂ්ණපුරම් ග්‍රාමසේවා වසමේ පදිංචියට පැමිණ ඇත.

දැනට අ:වු 70ක් වයස වන ඇයත් ඇයගේ සැමියත් කාගේවත් හවුහරණක් නොමැතිව ඉතා කුඩා පොල් අතු පැලක ජිවන රටාව ගෙවාගෙන යන අතරතුරදි 57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව 571 බළසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමන්ගේ මග පෙන්විම මත 2018'07'15 වන දින සුභ මොහොතින් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ 57 වන සේනාංකයේ මූල්යේමය දායකත්වයෙන් යුතුව නිවස ඉදිකිරිමේ කටයුතු ආරම්භ කර 2018'11'18 වන දින නව නිවසේ ඉදිකිරිම් කටයුතු සාර්ථකව නිම කරන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සුරතින් 2018'11'18වන දින නව නිවස හේමලතා මහත්මියගේ අයිතියට පත් කිරිම සිදුකලඅතර, මෙම අවස්ථාව සදහා 571 බලසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමන්, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමන් සහතවත් ජේෂ්ඨ නිළධාරින්රැසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.